Monday, March 2, 2015

රත්තරන් සෙනෙහස...

ලැගුම් ගන්නද කෙසේ නම් මම
ඔබෙ සිත ලග සෙනෙහසින්
සිනාසෙන්නට වරම් නැත මට
සදා නොමියෙන ආදරෙන්..

කොතෙක් පිපුනද සුවද මල් ලග
රොන් උරන්නට නැත සිතක්
ඔබට බැදි ඒ සෙනෙහෙ තරමට
කොහෙන්දෝ මට තව සිතක්..

මලක් වී නුබ සිනාසෙන විට
සිතත් පිරිපුන් මගෙ තවත්
දුරස් වී නුබ සිටින තරමට
දැනෙයි සෙනෙහස රත්තරන්...

No comments:

Post a Comment