ලැගුම් ගන්නද කෙසේ නම් මම
ඔබෙ සිත ලග සෙනෙහසින්
සිනාසෙන්නට වරම් නැත මට
සදා නොමියෙන ආදරෙන්..
කොතෙක් පිපුනද සුවද මල් ලග
රොන් උරන්නට නැත සිතක්
ඔබට බැදි ඒ සෙනෙහෙ තරමට
කොහෙන්දෝ මට තව සිතක්..
මලක් වී නුබ සිනාසෙන විට
සිතත් පිරිපුන් මගෙ තවත්
දුරස් වී නුබ සිටින තරමට
දැනෙයි සෙනෙහස රත්තරන්...

No comments:
Post a Comment